Saturday, October 19, 2024
Follow Us
නීතිවිරෝධී විදේශ රැකියා ජාවාරම් වැටලීම් දිගටම

කැනඩාවේ රැකියා දීමට මිලියන ගණන් වංචා කළ බොරැල්ලේ පිහිටා තිබූ හොර ඒජන්සිය වටලා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මෙම ඒජන්සියට කාර්යාංශයේ බලපත්‍රයක් නොමැති බවත් මෙම වැටලීම මඟින් අනාවරණය වී තිබේ.

එහි දී මුල්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවකට එක් අයෙකුගෙන් ලක්‍ෂ දහයක් අය කර ඇති බවද අනාවරණය කර ඇති අතර අත්අඩංගුවට ගත් Holistic Holdings ආයතනයේ හිමිකරුට රුපියල් මිලියනයක ඇප නියම කිරීමට ද කටයුතු කර තිබේ.

මෙවැනි හොර ජාවාරම් සිදු කරන ඒජන්සිවලට නොරැවටෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරයි.

වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ පැමිණිලි සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ 011 2 864 241 හෝ 011 2 864 123 යන දුරකථන අංක හෝ ක්ෂණික ඇමතුම් 1989 සම්බන්ධ කර ගන්නා ලෙස ද කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.