Saturday, October 19, 2024
Follow Us
මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය අගෝස්තු මස 22 සිට 25 දක්වා අනුරාධපුරේදී

මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අගෝස්තු මස 22 දා සිට 25 දා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිරණය කර ඇත. 

ඒ පිළිබඳව මුලික සාකච්ජාව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්විණ.

ග්‍රාමීය ප්‍රදේශයන්හී දක්ෂ ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන් හා අන්තර්ජාතික අපනයන වෙළෙඳපොල වෙත ප්‍රවිශ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් දැනුම මෙම ප්‍රදර්ශනය ඔස්සේ ලබා ගත හැකි වන අතර ප්‍රධාන රාජ්‍ය ආයතන මීට සහභාගි වෙයි.