Saturday, October 19, 2024
Follow Us
“58 වන රාජ්‍ය ඔසුසල” විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ගාල්ල, හික්කඩුව නව රාජ්‍ය ඔසුසල පසුගියදා (13) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ජාලයේ “58 වන රාජ්‍ය  ඔසුසල ලෙස නොම්බර 18බද්දේගම පාරහික්කඩුව යන ලිපිනයේ (හික්කඩුව දුම්රිය ගේට්ටුව අසල) ස්ථාපිත කළ මෙම රාජ්‍ය ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඡායාරෑපයකට උපහාර පිදීමද සිදු කළ අමාත්‍යවරයා පළමු ඖෂධ ගණුදෙණුවද සිදු කළේය. 1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ මෙරට  දීප ව්‍යාප්ත  ඔසුසල් ජාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.