Saturday, October 19, 2024
Follow Us
ජනාධිපති ශිෂ්‍යත්වය යටතේ අනුරාධපුර සිසුන් 5000කට ශිෂ්‍යාධාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්විණ.

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් සිසුන් 5000 කට ශිෂ්‍යාධාර  වෙන්කර ඇත.