Saturday, October 19, 2024
Follow Us
සංචාරක ඇමැති සීගිරියේ යටිතල පහසුකම් නිරීක්ෂණය කරයි

සීගිරිය සහ තදාසන්න කලාපය සංචාරක කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

එම කටයුතු නිරීක්ෂණයට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා (10) එක් විය.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පස්වැනි සියවසේ ඉදි කරන ලද සීගිරි බලකොටුව පෙරදිග සංස්කෘතික කෞතුකාගාරයකි.

සීගිරිය ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය සංවර්ධනය, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ද ඇතිව ඊට සමගාමීව සංචාරකයින්ගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ලෙස එහි වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම සහ සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද සිදු වේ.