Saturday, October 19, 2024
Follow Us
ඊශ්‍රායලයේ දී වැරදි කළොත්, තරාතිරම නොබලා පියවර ගන්නවා - ඇමැති මනුෂ

ඊශ්‍රායලයේ දී වැරදි කළොත්, තරාතිරම නොබලා පියවර ගන්නා බවත්, විදේශ රැකියාවන්ට ගිහින් රටේ නම කැත කරන අය ''බ්ලැක් ලිස්ට්'' කිරීමට කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඊශ්‍රායලයේ කෘෂි ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා සඳහා නික්ම යන ශ්‍රී ලාංකික ශ්‍රමික කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ උත්සවය නාරාහෙන්පිට කම්කරු අමාත්‍යංශයේ දී ඊයේ (09) පැවැත්විනි. අමාත්‍යවරයා එහි දී මේ බව පැවසුවේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාරගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ඊශ්‍රායල් රැකියාලාභීහු නම දෙනෙක් සහභාගී වූහ.

එම අවස්ථාව ඇමතු අමාත්‍යවරා පසුගිය දිනවල ඊශ්‍රායල් කෘෂි ක්‍ෂේත්‍රයේ ශ්‍රි ලංකික ශ්‍රමිකයන්ට අවස්ථා හිමිවීම යම් අර්බුදයකට ලක්ව තිබු බවත්, එම තත්ත්වය නිමාකරමින් නැවැත ඊශ්‍රාලය් කෘෂි රැකියා සඳහා ලංකිකයන්ට අවස්ථා හිමිවීම සතුටු දායක පුවතක් බවත් පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. ''

''ඊශ්‍රායලයට අපි මුලින් යවපු කණ්ඩායම් වල අඩුපාඩු නිසා මේ වන විට එරට කෘෂි කර්මාන්ත ක්ෂේස්ත්‍රයේ රැකියා යම් අවධනමකට ලක්වෙලා තියනා. අපේ ඇතැම් අය ලංකාවේ පුරුද්දට එහෙත් උද්ඝෝෂණ කරන්න ගිය නිසා තමයි එහෙම උනේ . ඒත් අපි ආණ්ඩුවක් හැටියට දිගටම කරාපු සාකච්චා නිසා නැවත එරට ගොවිපොළවල රැකියා අපිට ලැබිලා තියනවා.

ගිහින් හොඳින් වැඩ කළහොත් එරටට යන්න බලාන ඉන්න තවත් 8000 කට අසන් ගනනකට අවස්ථාව ලැබෙයි. ඒ විතරක් නොවේ මේ කණ්ඩායමේ කෘෂි ක්ෂේස්ත්‍රය සඳහා නොතේරෙන අය අර්ධ පුහුණු ශ්‍රමිකයන් ලෙස ඊශ්‍රායලයට යවන්න අවස්ථාව ලැබිලා තියනවා. ඊට අදාල ගිවිසුම් පවා ලැබිලා තියනවා

ඇතැම් අය කියනවා මනුෂගේ කට්ටිය ගිහින් ඊශ්‍රායලයේ රැකියා නැති කරා කියලා. මම ඇමතිධුරය බාර ගත්තට පස්සේ තමයි ඊශ්‍රායල් රැකියා අවස්ථ ලබාගතේ. ඒත් එහේට ගිහින් කලබල කරපු අය ආපසු කැඳවන්න විතරක් නොවේ නැවත පිටරට රැකියවකට යන්න බැරි විදියට අසාදු ලේඛනණ ගත කරන්නත් අපි වැඩ කරනවා''

මේ මොහොත ශ්‍රී ලංකාවර සුබ ආරංචි පැමිණෙමින් තිබෙනා මොහොතක් බවත්, පසුබෑමකට ලක්ව තිබූ ඊශ්‍රායල් රැකියා නැවත හිමිවීමද සැබෑම සුබ ආරංචියක් බවත් අමාත්‍යවරයා පැවසීය . එමෙන්ම මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්චාවන්ද සාර්ථකව නිමාකර ඇති බවත්, ඉතිරිව ඇත්තේ ගිවිසුම්වලට අත්සන් කිරීම පමනක් බවත් පැවසූ අමාත්‍ය මනුෂ නනායකකාර අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශව මව්බිමට ලැබෙනා සුබ ආරංචිවකට කැමති නැති බව ද පැවසීය.

''ලංකාවට සුබ ආරංචි එනවාට ඇතැම් අය කැමති නෑ. අයි.එම් එෆ්. එකෙන් පළමු ණය වාරිකය ලැබෙනකොට වෘත්තීය සමිති 40 ගෙනල්ලා ස්ට්‍රයික් එකක් කරා. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් නිම කරලා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව ඉහළට දාන හදනකොටම ආයි ස්ට්‍රයික් කරනවා රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා. කවුරු ස්ට්‍රයික් කරත් විදෙශ සෙවා නියුක්ති කාර්‍යංශයේ සේවකයෝ අදත් වැඩ. ඒ අයට අපේ ගෞරවය හිමිවෙනවා.

ලක්ෂ පහළොවකට රුපියල් 25,000 ගානේ පඩි වැඩි කරන්න ගියොත් බිලියන 400 කට වඩා වැය වෙනවා. ඒ මුදල හොයන්න ආයි පාරක් බදු වැඩි කරන්න වෙනවා. මේ උත්සහය රාජ්‍ය සේවකයන්ට විරුද්ධව ජනාතාව පොළඹවන්න. මේවා කරන්නේ අනුර කුමාර, ටිල්වි සිල්වා ප්‍රමුඛ ජ.වි.පෙ බව රහසක් නොවේ. රැකියා අවස්ථ නැතිකරලා ඉස්කෝල වහලා 87 - 89 වගේ අරාජික කාලයක් ඇති කරලා තරුනයන් සිසුන් පාරට ගෙනල්ලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න'' අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.