Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට  තායිලන්තයෙන් නියමු ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ අරමුණින් තායිලන්තයේ Save Elephant Foundation මගින් අනුරාධපුර ඇලයාපත්තුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එහි නිලධාරීන් පිරිසක්  නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ඊට සහභාගී වූ RARE Sri Lanka  සංවිධානයේ නිර්මාතෘ/ අධ්‍යක්ෂ පංචාලී පනාපිටිය මහත්මිය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව කුඩාහල්මිල්ලෑවගම්මානයේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තායිලන්තයේ Save Elephant Foundation වෙත ආරාධනාවක් සිදු  කර ඇත.ඒ අනුව අලි-මිනිස් ගැටුම අවම කරමින් අලින්ගේ හා මිනිසුන්ගේ මෙන්ම  ජීවිත ආරක්ෂා කර ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

මෙම පිරිස පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙම වැඩසටහන පිළිබඳව මෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කර ඊයේ (21) එම ගම්මානය නිරීක්ෂණය කර ඇත.‍ෙ

ගම්වාසීන් විසින් එම පිරිස පිළිගැනීමෙන් අනතුරුව, ගම්වාසීන් තමන් වනඅලින්ගෙන් විදින පීඩාවන් පෙන්වා දෙනු ලැබීය. වන අලින් නිරන්තරයෙන් ගම්වැදී තම නිවාස හා දේපළ මෙන්ම ජීවිත ද හානී කරන බවත්, අලි-මිනිස් ගැටුමෙන් මිනිසුන්ගේ මෙන්ම වන අලින්ගේ ද  ජීවිත පසුගිය වසර කීපය පුරා අහිමි වී ඇති බවත් පෙන්වා දුන්හ. තම ගම්මානයේ පවුල් 400 ක් පමණ දිවි ගෙවන බවත්, ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය ගොවිතැන වන නමුත් වන අලින්ගෙන් ගොවිතැන බේරා ගත නොහැකි වීම නිසා ගොවීන් ගොවිතැනින්ද ඈත් වී ඇති බවත් පෙන්වා දුන්හ.

ජනතාවගේ අදහස් දැක්වීම් අසා සිටි Save Elephant Foundation හි නිර්මාතෘ Seangdeaun lek chailert මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා එම ගම්මානය වටා විදුලි අලි වැටක් ලබා දෙන බවයි, ගම්මානයේම තරුණ පිරිස යොදා ගෙන එම අලි වැට නඩත්තු කිරීම සිදු කරන බවත්, අලි -මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් ගම්වාසීන්ගේ දායකත්වයෙන් සාම සාධක හමුදාවක්ද නිර්මණය කරන බවයි.

තවද ගම්මානයේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් කාන්තාවන් 50 දෙනෙකු වෙත ස්වයං රැකියා උත්පාදනය කිරීම සඳහා තායිලන්තයේ භාවිතා වන අත්පළඳනා ඇතුළු ආභරණ නිෂ්පාදනය කිරීමේ ස්වයං රැකියා පුහුණුවක්ද ලබා  දීම හා එම ගම්මානයේ කුඩා දරුවන් වෙත ඇඳුම් ප්‍රදානය කිරීම ද  එහිදී සිදු කෙරිණි.

එම පිරිස වන අලින් විසින් හානී කළ නිවාස හා වගා බිම්ද නිරීක්ෂණය කළ අතර, පසුගිය දින වල වන අලි හානී කළ නිවාස 11 ක්  ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය  ද්‍රව්‍ය හා මූල්‍ය ආධාරයන් ද  ලබා දීමට කටයුතු කෙරිණී

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයකට අනුව RARE Sri Lanka  සංවිධානයේ නිර්මාතෘ/ අධ්‍යක්ෂ පංචාලී පනාපිටිය මහත්මියගේ සම්බන්ධීකරණයෙන්, තායිලන්තයේ Save Elephant Foundation හි නිර්මාතෘ Seangdeaun Lek Chailert මහත්මිය, තායිලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Nitipon Piwmow මහතා ඇතුළු, තායිලන්තරයේ Save Elephant Foundation හා RARE Sri Lanka  හි සාමාජිකයින් පිරිසක් මෙලෙස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.