Wednesday, October 23, 2024
Follow Us
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සෞඛ්‍ය ඇමැතිගේ අවධානය

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියට හා පොදුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සේවාවට බලපාන්නා වූ වෘත්තීය ගැටලු කිහිපයක් පිළිබඳ මෙහි දී සාකච්ඡා  සිදු කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී මතු වූ කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින්ට  උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීන් එක්ව පවතින ගැටලු විසදා ගැනීමට කටයුතු කිරිම තුළින් සෞඛ්‍ය සේවාව නගාසිටුවිය හැකි බවත්,  අලුතින් ගැටලු නිර්මාණය විමට ඉඩ නොදී දැනට පවතින ගැටලු නිරාකරණය කිරිමට මූලිකත්වය දිය යුතු බවයි. 

තව ද සියලු වෘත්තීන් සමඟ සාමුහිකව සාකච්ඡා සිදු කරමින් තීන්දු තීරණ ගැනීමේ ඇති වැදගත්කම ද මෙහි දී පෙන්වා දෙන ලදි. 

විසදුම් ලබාදිය හැකි ගැටලු සඳහා කෙටි කාලයක් තුල විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, මාසයක් වැනි කාලයක් තුල නැවත මෙම සාකච්ඡාවේ ප්‍රගමනය පිළිබදව සොයාබැලිමට කටයුතු කරන බව ද කීය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටලු අතර, සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාලදීමනා, නිල ඇදුම් දීමනා වර්ථමානයට ගැල‌පෙන ලෙස සංශෝධනය නොවීම, පරිපාලන බලය නොමැති අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුරට පරිපාලන බලතල පවරමින් රැකියා විස්තරයක් (Job Description) නිකුත් කිරිම, රජයෙන් ලබාදී ඇති යතුරු පැදි ලියාපදිංචිය, රක්ෂණාවරණ මිලදී ගැනීම සහ පවරා ගැනීම සම්බන්ධ ගැටලු, දැනට යතුරු පැදි නොමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහා යතුරු පැදි ලබාදිම, මහජන සෞඛ්‍ය පරීක්ෂක අනමත තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුර උසස්වීමේ තනතුරක් ලෙස ස්ථිපිත කිරිම සහ පුහුණුව ආරම්භ කිරිම, ආර්ථික අර්බුදය හමුවේ මහජන සෞඛ්‍ය ‌සේවා ආරක්ෂා කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියනට 2022 වසරේ ඔක්තෝබර් මස සිට මාස 03 ක් සදහා UNISEFආයතනයෙන් ලබාදුන් දීමනාව මේ දක්වා ලබානොදීම, විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අනපනත්වල දඩමුදල් ඉහළ දැමීම යන කරුණු විය.

සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාලදීමනා, නිල ඇදුම් දීමනා ඉල්ලීම් සාධාරණ බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර තීන්දු තීරණ ගැනීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත්, යතුරු පැදි නොමැති කාර්ය මණ්ඩල සදහා යතුරු පැදි ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසිය. 

තව ද විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අණපනත් සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරන බව ද පැවැසීය.