Wednesday, October 23, 2024
Follow Us
‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ සංහිදියාවේ මනුසත්කාරය ඇරැඹෙයි

මනුෂ්‍යත්වය අන් සියල්ලට ඉහළින් අගය කරන ජනතාවක් ලෙස සියලු භේද පසෙකලා, සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරන ජනසමාජයක් ගොඩනැගීමට දායකත්වය සැපයීමේ අරමුණ ඇතිව ‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ යන තේමාව ඔස්සේ සැලසුම් කරන ලද සංහිදියාවේ මනුසත්කාරය වැඩසටහන් පෙළේ ආරම්භක දැනුවත්කිරීම් සැසිය සර්ව ආගමික පූජකවරුන් සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රමුඛ විශේෂ අමුත්තන්ගේ සහභාගිත්වය සහිතව පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උතුම් මනුසත්කම පෙරදැරි කරගත් මනුදම්, ගුණදම් සහ යහපත්කම් රැකගනිමින් ස්වාර්ථයට වඩා පරාර්ථය වෙනුවෙන් කටයුතු කරන සියලුදෙනාගේ දායකත්වය ලබාගනිමින් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංහිදියා වැඩසටහන් මාලාවක සමාරම්භක දැනුවත්කිරීම් සැසිය වූ මෙම අවස්ථාවට සහභාගි වූ අෂ්-ශේක් අම්හර් හකම් දීන් මුස්ලිම් පූජකතුමා, විශ්ව ආනන්ද සිව ගුරුකුලම් හි ලේකම්, ජනතා සංගම් උප සභාපති / දර්ශනය පිළිබඳ දේශක සිවා ශ්‍රී සිවා, දර්ශක ශර්මා කුරුක්කල් හින්දු පූජකතුමා, ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ අනුනායක අනුර පෙරේරා පියතුමා සහ ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී, රුසියානු භාෂා කථිකාචාර්ය, ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ සභාපති පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර නාහිමි ඇතුළු සර්ව ආගමික නියෝජිතයින් විසින් මෙවැනි සංහිදියා වැඩසටහනක කාලීන වැදගත්කම පිළිබඳව අදහස් දක්වනු ලැබිණි.