Wednesday, October 23, 2024
Follow Us

විදේශ රැකියා වල නිතර ගෘහ සේවිකාවන්ට කරදර සිදුවන බවට කෑ ගැසීමට රාජ්‍ය නොවන සංවිධාන ඕනෑ තරම් තිබෙන නමුත්, ඉතා සුළු වැටුපකට වහලුන් මෙන් සේවය ලබාගන්නා දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් හඬක් නැගෙන්නේ නැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

මෙයට විසදුමක් ලබාදෙමින් ඔවුන්ට ගරුත්වයක් ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

රටක් ලෙස අනාගතවාදී වී අනාගතය වෙනුවෙන් වැඩකලයුතු බවද අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක “ගරු සරු” වැඩසටහන යටතේ ගෘහ සේවිකාවන් සමඟ අද (15) පැවති සාකච්ඡාවකදී පැවසුවේය.

 මේ රටේ සෑම වෘත්තියකම නිරත වෙලා පිරිසට විශේෂයෙන්ම අවිධිමත් අංශයේ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න පිරිසට ගරුත්වය ලබා දීමත් සාරවත්භාවයක් ලබාදීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.
අපි අවුරුද්දකට අධික කාලයක් මේ ගැන කතා කළා අවශ්‍ය මූලික වැඩකටයුතු කළා. අපි අද මේ කතා කරන්නේ නිසි වැඩපිළිවෙළක් සමඟින් වගේම ඊට අවශ්‍ය මූලික අනුමැතීන් පවා ලබාගෙනයි.