Wednesday, October 23, 2024
Follow Us
දිපාවලි උත්සවය අදයි

අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදයි. මෙම උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය යි.

විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමත්හු දීපාවලී සමරති.

මෙම උත්සවය හින්දු භක්තිකයන් මෙන්ම ජෛනයන්ගේ ද විශේෂ උත්සවය කි.

හින්දු භක්තිකයන්ගේ අදහස අනුව දීපාවලි උත්සවය සැමරුම වසර 35000 කට පෙර සිට පැවතේ. මෙම උත්සවය දින 5ක් පුරා පැවතෙන අතර, මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත ය. දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවකි.

නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධාන සිරිත ලෙස දැක්විය හැක