Wednesday, October 23, 2024
Follow Us
බස් අනතුරින් 17ක් රෝහලට

මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුව තිබෙන බව වාර්තා වෙයි.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලීසිය පැවසීය.

ත්‍රිරෝද රථය අසල විහාරයකට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.