Thursday, October 24, 2024
Follow Us
බේරේ වැවේ තරගයක්

ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය ප්‍රථම වරට සංවිධානය කරන ජාත්‍යන්තර මෝටර් සර්ෆ් ක්‍රීඩා උළෙල මේ මස 17, 18 සහ 19 තෙදින කොළඹ බේරේ වැවේදී දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය සඳහා රුසියාව, ඉන්දියාව, සිංගප්පූරුව, ඩුබායි, චීනය, මැලේසියාව, චෙකොස්ලෝවැකියාව ඇතුළු රටවල් 12න් තරගකරුවන් සහ තරගකාරිනියන් 60කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ.

රළ පැදීමේ ක්‍රීඩාව සඳහා උචිත ශ්‍රී ලංකාවේ තවමත් යාන්ත්‍රික රළ පැදීම හෙවත් මෝටර් සර්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත වී නොමැති වීම හේතුවෙන් අදාළ ක්‍රීඩාව සඳහා නිසි අවධානයක් යොමු කරවීම, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරග වැදීමට අවශ්‍ය බල පත්‍ර සැපයීම සමග මෙම ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් කැඳවීම මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ පරමාර්ථය බවට ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබිණි.

Aruna