Thursday, October 24, 2024
Follow Us
“දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” මාතර පුරවරයට

දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” ඊයේ (31) ගැටබරු රජමහා විහාරය වෙත වැඩම කරවන ලදී.

නොවැම්බර් 01 සහ 02 යන දෙදින තුළ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා ගැටබරු රජමහා විහාරයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය අනතුරුව, මාතර පුරවරය ආවරණය කරමින් බෞද්ධ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට නියමිතව ඇත. මාතර ප්‍රදේශයේ  සැදැහැවත් ජනතාවට මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය සියැසින් දැකගැනීමේ භාග්‍යය උදාවනු ඇත.

මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය නොවැම්බර් මස 03, 04 සහ 05 යන දිනයන් හිදී මාතර බෝ සමිඳුන් අභියසදිත්, 06, 07 සහ 08 යන දිනයන්හිදී වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරයේදීත්, 09 සහ 10 දින දෙවිනුවර පරම විචිත්‍රාරාම රජමහා විහාරයේදීත්, නොවැම්බර් 11 සහ 12 දෙදින වැවුරුකන්නල බුදු රජමහා වෙහෙර පරිශ්‍රයේදීත් වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත්ව ඇති දීඝවාපී සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, මහා සෑ රදුන්ගේ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත් පින් කැමති ලක්වැසි දනන් හට මින් අවස්ථාව සැලසෙනු ඇත.