Thursday, October 24, 2024
Follow Us
දක්ෂිණ අධිවේගී බස්රථ ධාවනයට බාධා පැවැතියත් ගමන්වාර අවලංගු කර නැහැ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවත් ඉමදූවත් අතර අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැඩීම හේතුවෙන් බස්රථ ගමනාගමනයට බාධ ඇති වී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.


කොළඹ ප්‍රදේශයේ සිට සාමාන්‍ය මාර්ගයේ ධාවනය කර නැවත ඉමදූවෙන් අධිවේගි මාර්ගයට ඇතුව වී සාමාන්‍ය පරිදි ධාවනය කරනු ලැබේ.

මාතර දිශාවෙන් පැමිණෙන බස්රත ඉමදූවෙන් පිටවී පින්නදූවෙන් නැවත අධිවේගි මාර්ගයට ප්‍රවේශ වී ගමනාත්ත කරා ධාවනය කෙරේ .

පස් කන්ද කඩා වැටීමෙන් මාර්ගය අවහිර වූවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් අධිවේගී මාර්ගයේ ධාවනය කරන ගමන් වාර කිසිවක් අවලංගු වී නැති අතර සාමාන්‍ය පරිදි බස්රත ධාවනය වේ.

ඒ් අනුව මාතර හම්බන්තොට මත්තල සිට අතුළුවන හා පිටවන සියලුම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.