Thursday, October 24, 2024
Follow Us
අමනාප වූ පෙම්වතියගේ ඡායාරූප ගේට්ටුවේ ඇල වූ පෙම්වතා අත්අඩංගුවට

අමනාප වූ පෙම්වතියගේ  නිරුවත් ඡායාරූප විශාල කර  ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු  අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි

සැකකරු සන්තකයේ තිබී  එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී සොයා ගත් පොලිසිය  නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත

23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු   මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර  පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි

එහිදී දෙදෙනා  සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර  ඡායාරූප ද ලබාගෙන තිබී ඇතැයි පොලිසිය කියයි

සැකකරුගේ නොගැලපීම් හේතූන් මත  පැමිණිලිකාරිය සැකකරුව මගහැර ඇති අතර  ඊට උරණ වී තිබූ සැකකරු  ඇයගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක්  A4 කොළයකට විශාල කර පැමිණිලිකාරිය පදිංචි නිවසේ ගේට්ටුවෙ අලවා  ඇතැයි පොලිසිය කියයි

එය දුටු පැමිණිලිකාරිය එයත් රැගෙන පැමිණකරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ