Thursday, October 24, 2024
Follow Us
දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා මේ වන විට දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන් වෙයි

-Dinamina