Thursday, October 24, 2024
Follow Us
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී ආශිර්වාද පූජාවක්

වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී ඇති 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව පසුගියදා  ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී යුද්ධ හමුදා දිනයට ආශිර්වාද එක්කිරීම සඳහා යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.

යුද්ධ හමුදා මූලස්ථාන ධජය, ස්වේච්ඡා බලකා මූලස්ථානය, ආරක්‍ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල්, සේනාංක, බලසේනා, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල්වල ධජ, යුද්ධ හමුදා බෙර වාදන ශිල්පීන් පෙරටු කරගනිමින් ඉමහත් භක්තියෙන් තෙවරක් ‘කිරිවෙහෙර’ චෛත්‍ය රාජයාණන් වටා පැදකුණු කොට ආශිර්වාද පතා පූජාසනයක තැන්පත් කරමින් ආශිර්වාද පැතීය. ඉන් අනතුරුව, පැවැති විශේෂ කප්රුක් පූජාව සඳහා සහභාගී වූ සියලුදෙනා කිරිවෙහෙර පරිශ්‍රයේ පොල්තෙල් පහන් දැල්විමෙන් අනතුරුව ගිලන්පස පූජාවක් ද පැවැත්වීය.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළේය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුක්තව මහා සංඝරත්නය උදෙස‍ෙ පිරිකර පූජා කළේය. ඉන් අනතුරුව, සුදු නෙළුම් මල් වලින් සැකසු මල් මලා මහසෙන් දේවාලයට පූජා කිරීමේ විශේෂ පූජාවක් ද එහිදී පැවැත්විණි.