Thursday, October 24, 2024
Follow Us
අලව්වට ලංකා ධීවර සංස්ථා නවතම අළෙවිසැලක්

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව පසුගියදා අලව්ව නගරයේ සතිපොළ ඉදිරිපිට දී විවෘත කෙරුණි.

මෙම නවීන වෙළඳසැල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව කරවල, උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවකාශ සලසා දී තිබේ.

මෙම අවස්ථාවට එක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියේ ලංකා ධීවර සංස්ථාවේ වගකීම හුදෙක් ලාභ ලැබීමම පමණක් නොවන බවත් පාරිභෝගිකයන්ට සහන මිලට ගුණාත්මක පෝෂදායි මාළු ලබාදෙමින්, වෙළෙඳපොළ මත්ස්‍ය මිල ස්ථාවරව පවත්වාගෙන යෑම බවත් යන නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමන් ලංකා ධීවර සංස්ථාව ලාබ ලබන ශක්තිමත් ආයතනයක් බවට පත්කිරීම තමාගේ අරමුණ බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේය.