Thursday, October 24, 2024
Follow Us
තවත් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ රැකියාලාභිනියන් 11 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

 

මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 85 වන කණ්ඩායම වන අතර, ඔවුන් ලබන 26 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 601 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබේ.‍

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.