Thursday, October 24, 2024
Follow Us
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන්න

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.


ඒ පසුගිය ජුනි මස 8 වැනිදා කථානායකවරයා විසින් පත් කරන ලද, රට තුළ ශිඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කලයුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව විසිනි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතයි. මෙම විශේෂ කාරක සභාවේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතා කටයුතු කරනු ලබයි.
මහ ජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමුකළ හැකිය.ඒ අනුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව සහ සංවිධානවලට 2023 ඔක්තෝබර් මස 12 වැනි දින හෝ ඊට ප්‍රථම අදාළ යෝජනා හා අදහස් යොමු කළ හැකිබව කාරක සභාව පැවසීය.
මේ සඳහා නියෝජන ලබාදෙන අයගෙන් වාචික සාක්ෂි ලබාගැනීමට කමිටුව අදහස් කරනවිට ඔවුන් අදාල ලිපි ලේඛනද සමග කැඳවීමට නියමිතව ඇත.