Thursday, October 24, 2024
Follow Us
මුදල් රාජ්‍ය ඇමැති නව පාරිභෝගික සේවා සහකාරවරුන්ගෙන් කළ ඉල්ලීම

මහජන බැංකුවේ නව පාරිභෝගික සේවා සහකාර තනතුරු 500 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.


එහි දී නව පත්වීම්ලාභී තරුණ තරුණියන්ගෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නගාසිටුවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවරව පවත්වාගෙන යාම සහ සේවක අරමුදල් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා රජය කැපවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහි දී අවධාරණය කර තිබේ.