Thursday, October 24, 2024
Follow Us
කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනවලට වැඩි ඉඩක්

චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා අමාත්‍යාංශය යටතේ ඇති කලාගාරයන් තුළ වසරේ වැඩ ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

කොළඹ 07, ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැවැත්වෙන අන්සීන් කලර්ස් 2 (Unseen Colors 2) චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පැවැසීය.

සෞන්දර්ය, කලාව නැති තැන මනුස්සකම උපදින්නේ නැති බවත්, කලාව පිළිබඳව අනාගත පරපුර වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට අසමත් වූවහොත්, අනාගතයේ දී දක්ෂ කලාකරුවන් අහිමිවීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.