Thursday, October 24, 2024
Follow Us
තරුණ තරුණියන් පිරිසකට රැකියා පොළක්

කැලණිය ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වීම සඳහා විදේශ රැකියා සහ වෘත්තීය මාර්ගෝපදේශන පොළක් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ මග පෙන්වීම යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විදේශ රැකියා හා මානව සම්පත් අංශය එක්ව මෙය ක්‍රියාත්මක කර තිබේ.

දේශීය හා විදේශීය රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තරුණ තරුණියන් රැකියා සඳහා යොමු කරවීම උදෙසා මෙම රැකියා පොළ සංවිධානය කර තිබූ අතර එහිදී ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක සේවා අංශයන්හී රැකියා අවස්ථා, පෞද්ගලික ව්‍යාපාර, කර්මාන්ත ඇතුළු සේවා සපයන ආයතනයන්හී, විදේශ රැකියා නියෝජිත ආයතනයන්හී රැකියා අවස්ථාවන් විශාල සංඛ්‍යාවක් සඳහා තරුණ තරුණයන් තෝරා ගැනීම සිදු විය.

එමෙන්ම මෙම රැකියා පොළ තුළදී වෘත්තීය පුහුණුව වෙත තරුණ තරුණියන් යොමු කර සහ ඉන් අනතුරුව රැකියා අවස්ථා යොමු කරවීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක විය.