Wednesday, October 30, 2024
Follow Us
බස්නාහිර ඉඳුල් 40%කින් අඩුවෙලා

ජනතාව ආහාර නාස්තිය අඩු කරයි


බස්නාහිර පළාතේ නිවාස ඇතුළු ස්ථානවලින් ඉවත් කරන පිසූ ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 40 කින් පමණ අඩුවී ඇතැයි බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම පැවැසීය.

බස්නාහිර පළාතෙන් දෛනිකව පිසූ ආහාර මෙට්‍රික් ටොන් 300 ක් පමණ දිනපතා පසුගිය කාලයේදී එකතු කළ බවත්, මේ වන විට ඉවතලන පිසූ ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 180 ක් පමණ දක්වා අඩුවී ඇතැයිද අධ්‍යක්ෂවරයා කීවේය.

ජනතාව ආහාර නාස්තිය අඩු කිරීම නිසා මෙලෙස ඉවත ලන පිසූ ආහාර ප්‍රමාණයද අඩුවී ඇති බව අධ්‍යක්ෂවරයා කීවේය.

බස්නාහිර පළාතෙන් එකතු කරන පිසූ ආහාර අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන බවත්, දිනකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 300 ක් පමණ නිපදවීමට බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයට පහසුකම් ඇතැයිද ඔහු පැවැසීය.

Aruna