Wednesday, October 30, 2024
Follow Us
විරෝධතාවලට දරුවන් රැගෙන ඒමට එරෙහිව පැමිණිලි රැසක්

ගාලුමුවදොර පිටියේ ඉකුත් දා පැවති විරෝධතාවකදී පොලීසියේ ක්‍රියාකලාපය හමුවේ දරුවෙකු අපහසුතාවයට ලක්වීම සම්බන්ධයෙන් සහ දරුවන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරවා ගැනීමට එරෙහිව ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත පාර්ශ්ව රැසකින් පැමිණිලි ලැබී තිබෙනවා.

එම අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ එම කරුණු දෙක සම්බන්ධයෙන් සිය අධිකාරිය මේවනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

විරෝධතා පෙළපාලි වැනි අවස්ථාවන්ට දරුවන් සහභාගී කරවා ගැනීමෙන් ඔවුන් පීඩාවට පත්විය හැකි බවද ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ඉකුත් ඉරිදා ගාලුමුවදොර ඇතිවූ සිද්ධියෙන් අනතුරුව රෝගී තත්ත්වයකට පත්වූයේයැයි කියමින් රිජ්වේ ආර්්‍යයා ළමා රෝහලට ඇතුලත් කළ දරුවා රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා. දරුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මෙලෙස අදහස් පළ කළා.

රිජ්වේ ආර්යයා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ උද්ඝෝෂණ වැනි අවස්ථාවලට දරුවන් රැගෙන ඒම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ දරුවා රෝහලෙන් රැගෙන යාමට වෛද්‍ය නිර්දේශය ලැබී තිබුණ ද දරුවා රෝහල තුළ රඳවාගෙන සිට ඇති මව දරුවා ද රැගෙන රෝහලෙන් නික්ම ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේ බවයි.

Neth