ඉකුත් ජූලි 9 වනදා ඇති වූ කලහකරී සිද්ධියෙන් පසු කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් සිදු කළ පුරාවිද්‍යා පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙනවා. ඒ, එම වාර්තාව මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වන විට එම පරීක්ෂණය අවසන් කර ඇති බවයි. එම වාර්තාව සැප්තැම්බර් මස අගදී අදාළ අංශය වෙත භාර දීමටයි නියමිතව තිබුණේ.
මේ අතර අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් සිදු කරන පුරාවිද්‍යා පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා. කෙසේවෙතත් රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් භාණ්ඩ ආනයනය කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
මේ හේතුවෙන් පුරා විද්‍යා සංරක්ෂණ කටයුතු ද ප්‍රමාද වන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.
Neth