Wednesday, October 30, 2024
Follow Us
මෙරට මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක්

මෙරට මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පෝෂණය සදහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ ආහාරවල හිඟතාවය සහ ආහාර ගැනීමේ ක්‍රමවේදයේ පවතින නොදැනුවත්කම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු බවයි.

එම තත්ත්වය වළක්වා ගැනීම සදහා දැඩි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් සදහා සහන සැලසීමේ අරමුණින් මේවනවිටත් ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි වෛද්‍ය ජී විජේසූරිය මෙහිදී සදහන් කළේ.

මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් සදහා අවශ්‍ය සහන සැලසීමේදී වසර 5ට අඩු දරුවන් සහ ගර්භනී මාතාවන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන බවද පෝෂණය සදහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය වැඩිදුරටත් සදහන් කළා.

 

Neth