ඉකුත් සමයේ අසීමිත ලෙස ඉහළ ගිය යකඩ මිල ගණන් මේ වනවිට අඩුවී තිබෙනවා. වෙළදපොළ තොරතුරු සොයා බැලීමේදී නෙත් නිවුස් වෙත දැනගැනීමට හැකිවූයේ යකඩ ටොන් 1ක මිල සැලකිය යුතු අගයකින් අඩුවී ඇති බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වෙළද හා වාණිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ යකඩ මිල අඩුවීම ප්‍රමාණවත් නොවන බවයි. යකඩ මෙන්ම සිමෙන්ති මිල අඩු කිරීම සදහා ඉදිරියේදී ආණ්ඩුව මැදිහත් වන බව ඔහු කියා සිටියා.
යකඩ සහ සිමෙන්ති මිල අඩු කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
සිමෙන්ති කොට්ටයක මිල ඉකුත් දා රුපියල් 100කින් අඩු වුණා.
Neth