Wednesday, October 30, 2024
Follow Us
සංචාරක පැමිණීමේ ප්‍රගතියක්

රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක්


මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට මෙරටට සංචාරකයන් 4,96,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම සංචාරකයන්ගෙන් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක් ලැබී ඇති බවත්,එය පසුගිය වසරට සාපේක්‍ෂව යම් ප්‍රගතියක් බවත්,රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Aruna