Wednesday, October 30, 2024
Follow Us
පාසල් දහසක සිසුන් සදහා අද සිට කැඳ වීදුරුවක්

පාසල් සිසුන්ට කැඳ වීදුරුවක් ලබාදීමේ ව්‍යාපෘතිය දිවයින පුරා පාසල් දහසක අද සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයට පිළියමක් ලෙස ප්‍රජා වෛද්‍ය සේවයේ නිලධාරීන් දෙදහසක පමණ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ව්‍යාපෘතිය දිවයින පුරා සියලු පාසල්වල ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමුව ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් සදහන් කළා.

Neth