ගල් අගුරු දින 30 ක් තුළ ආනයනය කිරීමට ඉදිරිපත් වී ඇති සමාගම්වලින් මිලදී ගැනීම් සිදුකරන්නේ නම් පවතින විදුලිබිල සියයට 50 කින් අඩුකළ හැකි බව විදුලිය භාවිත කරන්නන්ගේ සංගමය පවසනවා.
එහි ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන සියලු තොරතුරු තමන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ද ඉදිරිපත් කළ බවයි.
අතරමැදි පාර්ශව නොමැතිව ඉන්ධන ආනයනය කරන්නේ නම් රුපියල් 200 ක් වැනි මුදලකට පිරවුම්හල් හරහා ජනතාවට පෙට්‍රල් ලබාදිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර තවත් ගල් අගුරු තොගයක් සදහා අත්තිකාරම් මුදල් ගෙවීම් සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.
Neth