Wednesday, October 30, 2024
Follow Us
මෛත්‍රිට වෙඩි තියන්න ගිය ආමි සුරංග කොටු වෙයි

ගිනි අවියක් සමඟ ප්‍රබල පාතාල නායකයෙක්ගේ සොහොයුරෙක් අත්අඩංගුවට

දරුණු ගණයේ පාතාල සාමාජිකයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්සිළු පේඩිගේ බුද්ධික ප්‍රසාද් නොහොත් ආමි සුරංග සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයින් දෙදෙනාය.

ආමි සුරංග නැමැති පුද්ගලයා පාතාල කණ්ඩායම් නායකයෙකු වූ ඌරු ජුවා ගේ සහ ගොත අසංක ගෙ කණ්ඩායමේ ධනුෂ්ක ආරියවංශ නොහොත් රංග යන අයගේ සොහොයුරා ද වන බව පොලීසිය සඳහන් කරයි

ඔහු මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ යැයි වාර්තා වන අතර 2014 වසරේ දී වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ උමගලිය ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් ද වන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හිඹුටාන ගොඩඋඩ පාර සහ කඩුවෙල ඉහළ බෝමිරිය පදිංචිකරුවන් වන අතර මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Aruna