පියෙකු විසින් කළ අපරාධය
රුපියල් පනස් දහසක මුදලකට දින 7ක් පමණ වයසැති බිළිදෙකු මිල දී ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පියා විසින් මෙම බිළිදා අලෙවි කර ඇති බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
අනුරාධපුර – මල්වතු පටුමග ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි බිළිදාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.
ඒ අනුව කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි බිළිදා මිල දී ගත් කාන්තාව සහ අතරමැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
Aruna