විදුලි බිලට සාධාරණ විසදුමක් ලබාදීමට අපේක්ෂාවක්
ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ බුද්ධශාසන අමාත්‍යාංශය අතර අද (26) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආගමික ස්ථානවල විදුලිබිල අධික ලෙස ඉහළ යාම පිළිබදව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම සාකච්ඡාව පවත්වන බව අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ සදහන් කළේය.
ඇතැම් ආගමික ස්ථානවල පිරිවෙන් පවතින අවස්ථා මෙන්ම එක් විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් සිටින අවස්ථාවන්හි දී විදුලිය භාවිතය සාපේක්ෂව ඉහළ යන බැවින් එම සියලු කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කිරීමට නියමිත බව ලේකම්වරයා කියා සිටියේය.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බවය.
මහරගම ශ්‍රී චන්ද්‍රජෝති විහාරස්ථානයේ 50 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් දැක්විය.
Aruna