Wednesday, October 30, 2024
Follow Us
IMF එකෙන් සතපහක්වත් ලැබෙන්නේ නෑ

රටට එන සංචාරකයින් අඩුවෙන ලකුණු


රට තුළ යළිත් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වීම තුළින් රටට එන සංචාරකයින් අඩුවිය හැකි බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම වසර අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මුදලක් ලබානොදෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග,

“සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන දේ තමයි රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනගවෙන එක. එතකොට නැවත උද්ඝෝෂණ ගෙනල්ලා ලෝකයට පෙන්නුවොතින් සාමය නැහැ රටේ. උද්ඝෝෂණ රැල්ලක් යනවා රටේ කියලා ලෝකෙට යැවුවොත් නැවත සංචාරකයෝ එන්නේ නැහැ. එතකොට මේ සංචාකරයන් එන කාලය තමයි එළඹෙන්නේ. මම ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණ රැල්ල ක්‍රියාත්මක කරන අය වගේම මහජනතාව තේරුම් ගන්නට ඕනේ, මේ අවුරුද්දේ මේ මාස තුන හතරේ සංචාරකයෝ ගෙනල්ලා රටට විදේශ විනිමය ගෙන ආවේ නැතිනම් අපිට ලොකු තර්ජනයක් වෙනවා. අපිට ඉදිරියට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න. මොකද IMF එක සතපහක් දෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවරවෙනකම්.”

Aruna