Wednesday, October 23, 2024
Follow Us
බැටිකලෝ කැම්පස් බලධාරීන් අද කෝප් කමිටුව හමුවට

ආන්දෝලනයට ලක්ව ඇති මඩකලපුව විශ්වවිද්‍යාලයේ සහ එම විශ්වවිද්‍යාලයට හිමිකම් කියන හීරා පදනමේ බලධාරීන් අද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

කෝප් කමිටුව පෙන්වා දෙන්නේ අදාල ආයතනය දෙකෙහි කාර්ය සාධනය සහ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවයි.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමග මෙම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක් වූ අතර ඇතැම් පාර්ශ්ව පෙන්වා දුන්නේ මුස්ලිම් ශාරියා නීතිය ඉගැන්වීම මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණ බවයි.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් හීරා පදනම මගින් මෙම විශ්වවිද්‍යාලය ඉදිකරන අතර මේ සඳහා රජයට අයත් ඉඩම් වෙන් කිරීම, විදෙස් මුදල් ලබා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

(LNW)