Monday, November 04, 2024
Follow Us
ලබන සතියේ සිට බස්රථ සදහා පෙර ගෙවුම් ක‍්‍රමයක්

ලබන සතියේ සිට බස්රථ සදහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හදුන්වාදෙන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ඒ එච් පණ්ඩුක ස්වර්ණහංස මේ බව සඳහන් කළේ ඊයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලූ‍ම්ගල වැඩසටහනට එක්වෙමින්.

ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න ද මෙම පෙරගෙවුම් ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු පැවසුවේ පෙර ගෙවුම් ක‍්‍රමය සමග බස්රථ මගින් ප‍්‍රවාහනය කෙරෙන මගීන් ගණන අනුව නොව ධාවනය කරන දුර අනුව බස් රථවලට ගෙවීම් කරන ක‍්‍රමයක්ද සකස් විය යුතු බවයි.

(Neth)