කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබුණු සමයේදී සාමාන්‍ය ජනතාවට සහන මිලට පරිප්පු සහ සැමන් ලබාදීමට රජය තීරණය කළ අතර ඒ සඳහා පරිප්පු කිලෝවක් රුපියල් 65කටත් ලොකු සැමන් ටින් එකක් රුපියල් 100කටත් වශයෙන් අලෙවි කිරීමට පාලන මිලක් නියම කෙරිණි.
එම පාලන මිල යටතේ ලබාගත් පරිප්පු සහ සැමන් තොග සුපිරි වෙළඳසැල් ජාල විසින් යටිමඩි ගසාගෙන ඇති බවත් එනිසාම ජනතාවට එම සහනය ලබාගැනීමේ අවස්ථාව පහළගොස් ඇති බවත් වාර්තා වේ.
ඉහත කී පාලන මිල ගණන් යටතේ පිටකොටුව තොග වෙළඳුන් වෙතින් ලබාගත් පරිප්පු සහ සැමන් තොග වලින් සීමිත ප්‍රමාණයක් පමණක් සුපිරි වෙළඳසැල් ජාල විසින් ඔන්ලයින් ක්‍රමයට අලෙවි කර ඇති අතර සෙසු තොග සිය ගබඩාවල සඟවා තබාගෙන ඇති බව පැවසේ.
පසුව රජය විසින් හදිසියේම මෙම පාලන මිල ඉවත් කරගත් අතර පෙරකී සඟවා තබාගත් තොග සුපිරි වෙළඳසැල් විසින් නව මිල ගණන් යටතේ අලෙවි කිරීම ආරම්භ කර ඇත.
පාලන මිල නියම කිරීමට පෙර රුපියල් 130 මට්ටමේ පැවති පරිප්පු කිලෝවක නව මිල රුපියල් 180ක් වන අතර රුපියල් 225ට පැවති ලොකු සැමන් ටින් එකක නව මිල රුපියල් 275ක් වේ.
ඒ අනුව මෙම වංචාව තුළින් සුපිරි වෙළඳසැල් ජාල රුපියල් කෝටි ගණනක අයථා ලාභයක් හිමිකර ගෙන ඇති බවයි ක්ෂේත්රයේ ආරංචිමාර්ග පවසන්නේ.
(LNW)