Saturday, November 02, 2024
Follow Us
ඇමරිකාවෙ කලු ජාතිකයෙක් මැරුනම මෙහේ උද්ඝෝෂණ කරලා වැඩක් තියනවද ? - ආරක්ෂක ලේකම්

කොවිඩ් වෛසරයේ අවදානම හේතුවෙන් රට වසා තබා නැවත විවෘත කර සැනින් උද්ඝේෂණ, විරෝධතා පවත්වා රට අවුල් කිරීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික‍ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (11) කොළඹදී පැවති උත්සවකදී අදහස් දක්වමිනි.

ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් සිදුකර රට යථා තත්වයට පත්කර තිබියදී රටේ ජනතාව ඊට සහයෝගය ලබාදිය යුතු බවත්, පසුගියදා ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අත්අඩංගුවට ගත්තේ නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙනවා. අදාල උද්ඝෝෂණයට සහභාගි වූ පිරිසට රටේ තත්වය පිළිබඳව සිතා බලා තව ටික දිනක් හෝ ඉවසා සිටීමට හැකියාව තිබූ බව ද කමල් ගුණරත්න මහතා පවසනවා.

ඇමරිකාවේ කළු ජාතිකයෙකු ඝාතනය වූ විට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් පාඩමක් ඉගැන්වීමට අපට හැකියාව ලැබෙනවාද යනුවෙන් ඔහු වැඩිදුරටත් විමසා සිටී.

විවිධ පුද්ගලයන් රජයේ වැඩපිළිවෙල විවේචනය කළද රටේ ජනතාවගෙන් බහුතරයක් රජය ගෙනයන වැඩපිළිවෙල අගය කරන බවත්, ඒ නිසා සුළුතරයක් විසින් එල්ල කරන විවේචන ප්‍රශ්නයක් කර නොගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

(LNW)