නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේවනවිට සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 608 ක්.
මේ අතර මෙරටදී සිදුකළ ඡුක්‍ඍ පරීක්ෂණ, 80,000 සීමාව ඊයේ ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේ කළ ඡුක්‍ඍ පරීක්ෂණ 1,579 ත් සමගයි. මේවනවිට මෙරටදී ඡුක්‍ඍ පරීක්ෂණ 80,302 ක් සිදුකර තිබෙනවා. ඒ, ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට ඊයේ දිනය දක්වායි.
මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 1,859 දෙනෙකු වාර්තා වුවත්, ඉන් 1,057 දෙනෙකු මේවනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නව්‍ය කොරෝනා ආසාදිතයින් 791 දෙනෙකු පමණයි.
මේ අතර නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 61 දෙනෙකු අද දිනයේදී සිය නිවෙස් බලා පිටත්වයාමට නියමිත බවයි යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ.
මේ අතර යාපනය, ඉනුවිල් හා නාවාලි යන ප්‍රදේශවල පවුල් 16 කට අයත් පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
ඒ, ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු යළි ඉන්දියාවට යාමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.
ඒ අනුව එම පුද්ගලයාගෙන් සාරි මිලදී ගත් යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කෙරුණු බවයි යාපනය දිස්ති‍්‍රක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.
එම පිරිස ඊයේ පස්වරුවේ ඡුක්‍ඍ පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා.
(Neth)