Saturday, November 02, 2024
Follow Us
ගල්කිස්සට ගොඩ ගැසුණු කුණු ගෙනවිත් දාපුවා නොවන බවට අනාවරණයක්

ගල්කිස්ස වෙරළ තීරයේ ඉකුත් දිනවල ගොඩ ගැසුණු කසළ කෘතිමව ගෙනවිත් දැමූ ඒවා නොවන බව ශී‍්‍ර ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නලින් රත්නායක පවසනවා.

ඊයේ (09) දිනයේ එම වෙරළ තීරය විශේෂඥ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය පැහැදිලි වූ බවයි මහාචාර්ය නලින් රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එහිදී "අපිට එතනදි නිරීක්ෂණය වූ කාරණාවක් තමයි වෙරළ වැලිවලින් පෝෂණයක කරලා සකස් කෙරුණට පස්සේ බෑවුම් තවම නියමිත ආකාරයට සකස් වෙලා නෑ. ඒ බෑවුම් නිසියාකාරව සකස් වුණාට පස්සේ තමයි එන ඕනෑම ද්‍රව්‍යක් ඉවත් වෙන එක හරි රැඳෙන එක හරි පාලනය වෙන්නෙ." යනුවෙන් ද සඳහන් කෙරුණා.

මහාචාර්ය නලින් රත්නායක ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ ජනතාව විසින් ගංගාවලට එකතු කළ කැළිකසළ මෙලෙස මුහුදට පැමිණ ඇති බවයි.

(Neth)