කොවිඩ් වසංගතයට ගොදුරු වී මියයන පුද්ගලයන් මිහිදන් කළහොත් භූගත ජලයට සහ පසට ඉන් අහිතකර බලපෑම් ඇති විය හැකි බව භූවිද්‍යාඥයකු වන මෙතික විතානගේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මිහිදන් කරන පුද්ගලයන්ගේ මළ සිරුරවල කොටස් පසට හා භූගත ජලයට එක්වීම නිසා ශරීර සෞඛ්‍යට සිදුවිය හැකි හානිය පිළිබඳ වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරමින් ඔහු එසේ සඳහන් කළේය.
භූ විද්‍යාඥ විතානගේ එම වාර්තාව ඉදිරිපත් කළේ කොවිඩ් 19 වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුර භූමිදාන නොකර ආදාහනය කිරීමට නිරෝධායනය නීති යටතේ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රථම වතාවට කැඳවූ අවස්ථාවේදීය.
සිසිරද ආබෲ සහ යසන්ත කෝදාගොඩ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බලන ලදී. කොවිඩ් 19 වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු සමීප ඥාතීන්ගේ කැමැත්ත අනුව සිදුකිරීමට හැකි වන සේ අදාළ නීති රෙගුලාසි සංශෝධනය කරන ලෙසද විශේෂයෙන් එම රෝගයෙන් මියයන මුස්ලිම් ආගමිකයන්ගේ සහ රෝමානු කතෝලික භක්තිකයන්ගේ මළ සිරුරු භූමිදානය කිරීම සඳහා ඥාතීන්ට භාරදිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලා ඇත.
කොවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයකුගේ පුත්‍රයෙක් වන හරිස් රවුක්දීන් ඇතුළු දොළොස්දෙනෙකු විසින් පෙත්සම් ගොනුකර තිබිණි.
(Aruna)