රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත.
ඒ අනුව සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් සියයට හතක උපරිමයකට යටත්ව පොලිය අය කිරීමේ හැකියාව ලැබී තිබේ.
කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම නිසා රට පුරා ඇඳිරිනීතිය පැනවීමත් සමග ආර්ථික අසීරුතාවන්ට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා රජය ගත් තීරණයකට අනුව ක්ෂේත්‍ර කිහිපයක සේවයේ නියුතු පුද්ගලයන්ගේ ණය සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේය. ඒ අනුව පසුගිය මාර්තු 24 දා නිකුත් කළ චක්‍රලේඛයක් ඔස්සේ සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ සැපයුම් සේවාවල නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගත් ණය සඳහා වාරි සහ පොලී සහන ලබා දෙන ලදී.
පසුගිය මාස තුනේ දී වාණිජ බැංකු විසින් ක්‍රියාත්මක කළ මෙම ණය සහනය සංශෝධනය කර ජුනි මාසයේ සිට අදාළ ණයගැතියන්ගෙන් ද පොලිය අය කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස වාණිජ බැංකුකරුවෝ සති කිහිපයක කාලයක සිට මහ බැංකුවෙන් ඉල්ලීම් කළහ. මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙසේ මහ බැංකුව නිෂ්චිත ප්‍රතිශතයක් (7%) යටතේ ජුනි මාසයේ සිට පොලිය අය කිරීමට මෙලෙස අවසර ලබා දී ඇත.
(Aruna)