ඉන්දියාවේ මුම්බායි නුවර වාසය කරන බෝරා ජනතාවගේ නායකයා වන සයිෆිඩීන් සහ අනුගාමිකයින් 200 ක් ඉන්දියාවේ කොරෝනා වසංගතය අවසන් වන තුරු ශ්රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා රජයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම අවසරය ලැබී ඇති බවත් වාර්තා වේ.
කුලියට ගන්නා ගුවන් යානයකින් මැයි 11 දින ශ්රී ලංකාවට පැමිණීමට නියමිත එම පිරිස බණ්ඩාරවෙල ප්රදේශයේ නවාතැන් ගැනීමට නියමිත බවද වාර්තා වේ.
නමුත් ඔවුන් නිරෝධායනයට ලක් කරන ආකාරය පිළිබඳව මේ වන තුරු පැහැදිළි උපදෙස් අදාළ ආයතන වලට ලැබී නැති බව ද වාර්තා වේ.
ඩොලර් සඳහා මෙවැනි අනතුරුදායක තීන්දු ගැනීම පිළිබඳව ගුවන්තොටුපළ සේවකයෝ විමතිය පළ කරති.
(Lanka Leads)