ඊයේ (04) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් 48 දෙනා අතරින් 42 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි
සෙසු ආසාදිතයින් අතරින් තිදෙනෙකු ඉන්දියාවේ සිට ද දෙදෙනෙකු බංග්ලාදේශයෙහි සිට ද අනෙක් පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණි අය වේ.
නාවික හමුදාව අතරින් පළමු වරට කොරෝනා වෛරස් ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 22 වනදා ය. ඒ අනුව එම නාවික හමුදා කොරෝනා පොකුර 43 වන දිනටත් සක්‍රියව පවතී.
(LNW)