ලබන සඳුදා සිට රටේ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින්. ඒ අනුව ලබන සඳුදා දිනයේ දුම්රිය හා බස් රථ ඇතුලූ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ඇති.
ලංගම බස් රථ 5,300ක් පමණ හා පුද්ගලික බස් රථ 23,000ක් පමණ තිබුණ ද, එය මගී ප්‍රවාහනයට පවතින තත්ත්වය මත ප්‍රමාණවත් නොවන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය අනිවාර්යය කර තිබීම හේතුවෙන්. ඊට පිළියමක් ලෙස දැනට පවතින පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට කටයුතු කරනු ඇති.
මීට අමතරව පාසල් ප්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලූ බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට නියමිතයි.
එම බස් රථ තාවකාලික ලියාපදිංචි කිරීම හෙට දින සිට ඇරඹෙන අතර ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාල ලියාපදිංචි කිරීම් සිදු කරනු ඇත.
(Neth)