Friday, November 01, 2024
Follow Us
කුවේට් සිට පැමිණි සියලු දෙනාගේ PCR පරීක්ෂණ අවසන්

කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකළ සියලු දෙනාම PCR පරීක්ෂණය සඳහා යොමුකර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කුවේට්හි සිට පැමිණි ශ්‍රී ලංකිකයන් පිරිස අතරින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රැසක් හමු වූ අතර සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් මෙරටට පැමිණෙද්දීම ඔවුන්ට වෛරසය ආසාදනය වී සිටි බවයි.

මේ අතර එකවර කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් රෝහල් දෙකක් සූදානම් කිරීමට තීරණය කළ බවද අනිල් ජාසිංහ මහතා පවසනවා.එ් අනුව තෙල්දෙනිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල වෛරස් ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර තිබේ.

අද දිනයේදී තවමත් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත. මේ වනවිට ආසාදිතයන් 577 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. මෙතෙක් සුවය ලබා සිටින පුද්ගලයන් ප්‍රමාණය 732 කි.

(LNW)