Saturday, May 24, 2025
Follow Us
පාර්ලිමේන්තුව ජුනි 03 වැනි දා සිට 06 වැනි දා දක්වා  රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 03 වැනි අඟහරුවාදා සිට 06 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ‌ඊයේ (23)  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව ජුනි 03 වැනි අගහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.  අනතුරුව  ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු  ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර ඇත.

ජුනි 04 වැනි බදාදා  පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. පෙ.ව. 10.30 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව. 12.30 දක්වා  ‍ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවෙන් පසු තෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පසුව ප.ව. 12.30 – ප.ව. 1.00 දිවා විවේකයෙන් පසු ප.ව. 1.00 - ප.ව 5.00 දක්වා  අංක 228/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද දූෂණ විරෝධී පනත ය‍ටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතව තිබේ.  අනතුරුව  ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා   සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු  ලබන ප්‍රශ්න  සඳහා කාලය වෙන්කර  ඇත.

මේ අනුව ජුනි 05 වැනි බ්‍රහස්පතින්දා  පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා ජාතික ගමනාගමන

කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. අනතුරුව . ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු  ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන්කර ඇත.

 

ජුනි 06 වැනි සිකුරාදා   පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස්දෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන  ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන මහත්වරුන් වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව  ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා   සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු  ලබන ප්‍රශ්න  සඳහා කාලය වෙන්කර  ඇත.