Saturday, October 19, 2024
Follow Us
මහමැතිවරණ- 2024 අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාම යෝජනා දෙකක් භාරදෙයි

මහ මැතිවරණය - 2024 ට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා  ජන අරගල සංධානය නාම යෝජනා භාර දීම අද (09) උදැසන සිදුවිය.

එ අනුව අද දහවල් 11වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ එක් පිළිගත් දේශපාලන පක්ෂයක් ඇතුළුව නාම යෝජනා දෙකක් භාර දිම සිදුකර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි වැඩිදුරටත් සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා මේ දක්වා ස්වාධීන කණ්ඩායම් 12ක් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැම්පත් කර ඇති බවය.

නාම යෝජනා භාරදීමේ අවස්ථාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් පැවැති අතර නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.